සංගක්කාර ක්‍රිකට් වාර්තා පොත අලුතෙන් ලියයි

Image copyright AFP

ලෝක එක්දින ක්‍රිකට් පිටියේ පිට පිට ශතක 4ක් රැස් කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින් ශ්‍රී ලංකා පිළේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර නව ලෝක වාර්තාවක් බිහි කළේය.

තම අවසන් එක්දින තරග කිහිපය ක්‍රීඩා කරන සංගක්කාර බදාදා ස්කොට්ලන්තය සමග පැවති තරගයේදී පන්දු 86 කදී රැස්කළ ශතකයත් සමගයි, මෙම ලෝක වාර්තාවට හිමිකම් කීවේ.

බංගලාදේශයට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 105 ත්, එංගලන්තයට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 117ත්, ඕස්ට්‍රේලියාව සමග තරඟයේදී රැස් කළ ලකුණු 104 ත් බදාදා ස්කොට්ලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 124 ත් මෙම වාර්තාවට ඇතුලත් වේ.

කුමාර් සංගක්කාරට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්කොට්ලන්තයට එරෙහි තරඟයේදී සිය 22 වැනි එක්දින ශතකය වාර්තාකළ අතර මෙම පිතිකරුවන් දෙපළගේ සුපිරු ප්‍රහාරය හේතුවෙන් ස්කොට්ලන්තයට ලකුණු 364 ක දැවැන්ත ඉලක්කයක් ලබාදීමට ශ්‍රී ලංකාව සමත්විය.