ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කණ්ඩායම් දෙකටම දුෂ්කර තරඟයක් -මැතිව්ස්

ශ්‍රී ලංකාව සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමත් සමග ලෝක කුසලාන ක්‍රිකට් උණුසුම තව තවත් තීව්‍ර වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන පූර්ව තරගවලට අවතීර්ණ වෙමින් හෙට (18) සිඩ්නි ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකාව හා තරඟ වැදීමට නියමිතයි.

එම තරඟය පිළිබඳව පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් කියා සිටියේ මෙම තරඟය කණ්ඩායම් දෙකටම දුෂ්කර තරඟයක් වන බවයි.

‘ස්ථිර වශයෙන් ම කණ්ඩායම් දෙකම කැලඹීමට පත් වෙලා සිටින්නේ. අපි කවුරුත් දන්නවා දකුණු අප්‍රිකාව කියන්නේ පරාජය කරන්න අපහසු කණ්ඩායමක්. විශේෂයෙන්ම මේ තරඟාවලියේ දී. ඔවුන්ට හොඳ සමබර කණ්ඩායමක් සිටින අතර ඔවුන් දැඩි ලෙස ඉදිරියට ආවා. ඉතිහාසය ගෙවිල ඉවරයි. ඒ ගැන හිතීම පැත්තක තියල අපි ඉදිරිය බලන්න ඕන. මීළඟට ක්‍රීඩා කරන තරඟය ගැන හිතන්න ඕන. සංඛ්‍යා ලේඛන ගැන මම වැඩිය කරදර වෙන්නේ නැහැ. ඒ දවස පමණයි වැදගත්. අපි පිටියට ගිහින් දකුණු අප්‍රිකාව පරාජය කිරීම සඳහා හොඳින් ක්‍රීඩා කළ යුතුයි.’ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.