ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පරාද වුනත් අපි ශ්‍රී ලංකා කණ්ඩායමට ආදරෙයි'

මෙවර තරඟයෙන් පරාජයට පත්වී ලෝක කුසලානය අහිමි වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආදරය කරන බවත් සැමදා ඔවුන් සමග සිටින බවත් සිඩ්නි නුවර දී පැවති තරඟය නැරඹීමට පැමිණි ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීහු පැවසුහ.

නොකඩවා ශතක හතරක් ලබා ගත් කුමාර් සංගක්කාර තවත් ශතකයක් ලබා ගනීවී යන අපේක්ෂාව තිබුණු නමුත් ඔහු අඩු ලකුණු ප්‍රමාණයකට වී යාම පිළිබඳව ඔවුහු කනස්සල්ලට පත් වී සිටියහ.

පරාජයෙන් පසුව වුවද සංගීත භාණ්ඩ වයමින් සිංහ කොඩි ලෙලවමින් විනොදවූ ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන් අතර ඇතැමෙක් පැවසුවේ දකුණු අප්‍රිකා කණ්ඩායම දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුවක් වූ බවයි.