දක්ෂතම ටෙස්ට් පිතිකරු සංගක්කාර

Image copyright AFP
Image caption සංගක්කාර - දක්ෂතම ටෙස්ට් පිතිකරු. මැතිව්ස් - පස් වෙනි දක්ෂතම පිතිකරු

අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ජගත් ටෙස්ට් පිටියේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ස්ථානය හොබවන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ට ටෙස්ට් පිටියේ පස් වෙනි දක්ෂතම පිතිකරු ස්ථානය හිමි වී තිබේ.

පන්දු යවන්නන් අතරින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් පළමු ස්ථානයට පත්වෙද්දී, ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සිවුවැනි ස්ථානය දිනා ගෙන තිබේ.

කෙසේ නමුත් ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන්නේ හය වෙනි ස්ථානයයි.

අයිසීසී ශ්‍රේණිගත කිරීමට අනුව, දකුණු අප්‍රිකාව මේ වන විට ලොව දක්ෂතම ටෙස්ට් කණ්ඩායමයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර