සෙප් බ්ලැටර් ඉල්ලා අස් වෙයි

Image copyright Reuters
Image caption සෙප් බ්ලැටර් වසර 17 ක් ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය

ෆීෆා ජගත් පාපන්දු පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් ඉල්ලා අස් වන බව සෙප් බ්ලැටර් නිවේදනය කළේය.

පසුගිය සිකුරාදා පැවැත්වුණු නිලවරණයේදී සෙප් බ්ලැටර් පස් වැනි වතාවටත් සභාපති පදවියට පත්වුණේ පාලක මණ්ඩලයේ ඉහල නිලධාරීන් පිරිසකට එරෙහිව බරපතල දූෂණ, වංචා චෝදනා එල්ලවෙමින් තිබියදී.

එහෙත් සිය අනුප්‍රාප්තිකයා තෝරාගැනීම පිණිස ඉතා ඉක්මනින්ම පාලක මණ්ඩලයේ හදිසි සැසිවාරයක් කැඳවන බව 79 හැවිරිදි සෙප් බ්ලැටර් අඟහරුවාදා සවස නිවේදනය කළේ ස්විට්සර්ලන්තයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

ඔහු වසර 17 ක් ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.

සියලු දෙනා සිය පත්වීම අනුමත කරන බවක් පෙනෙන්නට නැති බවයි, පදවියෙන් ඉවත්ව යන ජගත් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ.

සිකුරාදා නිලවරණයේදී සෙප් බ්ලැටර් වෙනුවෙන්සිය ඡන්දය භාවිත කළ බව ශ්‍රී ලංකා පාපන්දු පාලක මණ්ඩලයේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර