ජගත් කුසලානය ලබාදීමට බලපෑම් කළා - බ්ලැටර්

Image copyright PA
Image caption දූෂණ චෝදනා පිළිබඳව ඇමෙරිකානු එෆ්බීඅයි ආයතනය සෙප් බ්ලැටර් ට එරෙහිව පරීක්ෂණයක් පවත්වමින් සිටියි

2018 දී සහ 2022 දී ජගත් පාපන්දු කුසලානය රුසියාවට සහ කටාරයට ලබාදෙන මෙන් දේශපාලන බලපෑම් එල්ල කළ බවට ෆීෆා ජගත් පාපන්දු පාලක මණ්ඩලයේ සභාපති සෙප් බ්ලැටර් ජර්මනියට සහ ප්‍රංශයට චෝදනා කරයි.

ඔහු එම චෝදනාව එල්ල කරන්නේ ජර්මනියේ පුවත්පතක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

රුසියාව සහ කටාරය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන මෙන් ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කොසී සහ ජර්මනියේ ජනාධිපති ක්‍රිස්ටියන් වුල්ෆ් සිය රටවල නියෝජිතයන්ට බලපෑම් කරන ලද බවයි, ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධානියා පවසන්නේ.

තමන්ට පාලනයක් නොතිබුණු කරුණක් සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වීම හිසරදයක් බවට පත් වී ඇති බවත් ඔහු පවසයි.

දූෂණ, වංචා චෝදනා පිළිබඳව ඇමෙරිකානු එෆ්බීඅයි ආයතනය සෙප් බ්ලැටර් ට එරෙහිව පරීක්ෂණයක් පවත්වමින් සිටියි.