ශ්‍රී ලංකාව ඉන්දියාව පරදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය කණ්ඩායම පරදවා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට හැකි වී ඇත.

Image caption රංගන හේරත්-(සංරක්ෂිත සේයා රූ)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු ටෙස්ට් තරඟය ලකුණු 63 ක ජයග්‍රහණයක් හිමිකර ගත් අතර රංගන හේරත් කඩුළු හතක් දවාලීමට සමත් විය.

පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 183ක් ලබා ගත් අතර දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 367ත් ලබා ගන්නා ලදී.

Image copyright Reuters
Image caption දිනේෂ් චන්දිමාල්- (සංරක්ෂිත සේයා රූ)

දිනේෂ් චන්දිමාල් ලබාගත් ලකුණු 162 ශ්‍රි ලංකාවේ ජයග්‍රහණය තහවුරු කරා ගැනීමට ඉවහල් වූ බව නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.

සංචාරක ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනු‍වෙන් ලකුණු 375ක් ලබා‍ ගත් අතර ‍දෙවන ඉනිම වෙනුවෙන් එම කණ්ඩායම සියලුම කඩුලු දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 112කි.