ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සංගා ගැන අර්ජුන

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය තුළ දක්ෂතම ක්‍රීඩකයන් පස් දෙනකු තෝරන්නේ නම් ඒ අතරට කුමාර් සංගක්කාරගේ නම ඇතුළත් කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග පවසයි.

‘එක එක කාලවල්වල එක එක ක්‍රීඩකයෝ ආවා. අපි දැක්කා මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, සංගක්කාරලා. ඒ වගේ ක්‍රීඩකයෝ එක එක කාලවල්වලට එනවා. හරි අමාරුයි එක එක කාලවල්වල එන ක්‍රීඩකයින් ශ්‍රේණිගත කරන්න’ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ බිහි වූ සුපිරි ක්‍රීඩකයන් අතර කුමාර් සංගක්කාර ශ්‍රේණිගත කරන්නේ කුමන ස්ථානයේ දැයි බීබීසීයේ අසාම් අමීන් කළ විමසීමකදීයි.

පසුගිය වසර දහයක පහළොවක කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ගොස් ස්ථාවරත්වයක් ලබා ගත් ක්‍රීඩකයකු සංගක්කාර හැඳින්විය හැකි බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග වැඩිදුරටත් සඳහන් කළේය.