ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තරඟය පරාජයට හේතුව කුමක්ද? - මැතිව්ස්

පන්දුවට පහර දීමේදී දුර්වල මට්ටමින් දක්ෂතා දැක්වීම ඉන්දියාවට එරෙහිව පැවති තුන් වන ටෙස්ට් තරඟය පරාජය වීමට හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

කෙසේ නමුත් පන්දු යවන්නන් තම වගකීම හොදින් ඉටු කළ බව ඔහු කියා සිටියේ තරඟය අවසානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

තේරීම් කමිටුව හා සාකච්ඡා කොට කණ්ඩායමේ සිදු කරන වෙනස් කම් සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දු ගනු ලබනු ඇති බවත් ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේය.

අඟහරුවාදා අවසාන වූ තරඟයේදී ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 312ක්.

දෙවන ඉනිම සඳහා ලකුණු 274ක් රැස් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

පිළිතුරු ඉනිම් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 201ක් රැස් කළ අතර තරඟය දෙවන ඉනිම සඳහා ලකුණු 386ක ඉලක්කයක් හිමි වී තිබිණ.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකිවූයේ ලකුණු 268ක් පමණි.

කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් රැස් කර ගැනීමට සමත් විය.