අපරාජිත බොක්සිං ක්‍රීඩකයා

Image copyright AFP

එකඳු බොක්සිං තරගයක් හෝ පරාජය නොවී තරඟ හතළිස් නවයක් නොනවත්වා ජයග්‍රහණය කරමින් තබා තිබූ ලෝක වාර්තාව සම කිරීමට ඇමරිකානු ක්‍රීඩක ෆ්ලොයිඩ් මේවෙදර් සමත් වෙයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ බොක්සිං ක්‍රීඩක රොකී මාශියැනෝයි.

සිය දහනව වසරක බොක්සිං දිවිය තුළ ෆ්ලොයිඩ් මේවෙදර් විසින් එකිනෙකට වෙනස් බර පන්ති පහක් සඳහා ලෝක ශූරතා හිමි කර ගෙන තිබේ.

සිය පනස් වන තරඟය සඳහා සහභාගී වීමේ බලාපොරොත්තුවක් ඇත්දැයි මාධ්‍යවේදීන් ෆ්ලොයිඩ්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ මුදල් යනු තවදුරටත් වැදගත් නොවන සාධකයක් බවයි.

‘ක්‍රීඩාව තුළ සියලු ඉලක්ක මම ජය ගෙන තිබෙනවා. මගේ මේ වාර්තාව කඩන්න තරුණ බොක්සිං ක්‍රීඩකයන්ට සහාය ලබා දෙන්න දැන් කාලය ඇවිල්ලා. මගේ වාර්තා බිඳ හෙළනවා දකින්න මට අවශ්‍යයි’ ඔහු කියා සිටියේය.

ලාස් වෙගාස් හිදී ෆ්ලොයිඩ් විසින් මෙවර පරාජයට පත් කළේ ඇමරිකානු බොක්සිං ක්‍රීඩක අන්ද්‍රේ බර්ටෝයි.