ක්‍රිකට් ක්‍රීඩකයා රක්ෂිත බන්ධනාගාරයට

Image copyright AFP
Image caption බිඳුණු පාදයක් ඇතිව තුවාල ලබා සිටි දැරිය මහ මඟ සිටියදී හමු වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩකයා සහ ඔහුගේ බිරිඳ මසක පමණ කාලයක් පොලිසිය මඟ හරිමින් අතුරුදහන් වී සිටියහ

මෙහෙකාර දැරියකට පහරදී අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන් පොලිසියට භාර විය.

පොලිසියට භාර වීමෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ අධිකරණය ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කොට තිබේ.

සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු දැරියට වද හිංසා කොට අපයෝජනය කළ බවට ක්‍රීඩක ශදාත් හොසේන් සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල විය.

ශදාත් හොසේන්ගේ බිරිඳ ඉරිදා අත්අඩංගුවට ගැනුණි.

බිඳුණු පාදයක් ඇතිව තුවාල ලබා සිටි දැරිය මහ මඟ සිටියදී හමු වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩකයා සහ ඔහුගේ බිරිඳ මසක පමණ කාලයක් පොලිසිය මඟ හරිමින් අතුරුදහන් වී සිටියහ.

මෙම සිදුවීමත් සමග ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන්ට තරඟ තහනමක් පැනවීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය.