දකුණු ආසියාවේ වේගවත්ම දෙදෙනා ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වන හිමාෂ ඒෂාන් සහ රුමේෂිකා රත්නායක දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත් වී ඇත.

ඒ දොළොස් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන පිරිමි හා කාන්තා ඉසව් ජය ගනිමින්.

හිමාෂ ඒෂාන් තත්පර 10.28 කදී තරගය අවසන් කරමින් මීටර් 100 පිරිමි රන් පදක්කම දිනා ගත් අතර මීටර් 100 කාන්තා ඉසව්වට සහභාගී වූ රුමේෂිකා රත්නායක රන් පදක්කම දිනා ගත්තේ තත්පර 11.71 කින් තරඟය අවසන් කරමින්.

මූලික වටයේදී මීටර් 100 තරඟ ඉසව්ව තත්පර 10.26 කින් අවසන් කළ හිමාෂ ඒෂාන් දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මංජුල කුමාර තම උස පැනීමේ ඉසව්ව පහසුවෙන් ජය ගත්තේ ශ්‍රී ලංකාවේ රන් පදක්කම් සටහන ඉහළ නංවමින්.

පිහිනුම් ඉසව්වෙන් මැතිව්ස් අබේසිංහ ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක් මේ වනට දිනා දී ඇති අතර කිමිකෝ රහීම් දිනා ගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 4ක්.

පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසු වන්නේ පදක්කම් 87ක් හිමි කර ගනිමින්.

ඉන්දියාව පදක්කම් 124 සමග ප්‍රථම ස්ථානයේ පසු වන අතර බංගලාදේශය පදක්කම් 40ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ පසුවෙයි.