තිසරගෙන් කඩුලු ත්‍රිත්වයක්‌

Image copyright Reuters

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වලදී කඩුලු ත්‍රිත්වයක්‌ ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට තිසර පෙරේරා අද පත් විය.

ඉන්දියාව සමග රන්චි ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි විස්සයි තරගය අතරතුරයි තිසර පෙරේරා මෙම කඩුලු ත්‍රිත්වය‌ ලබාගත්තේ.

ඉන්දීය ඉනිමේ 19 වන පන්දු වාරයේ අවසන් පන්දු තුනේ ඉන්දීය කණ්ඩායමේ හිර්තික් පාන්ඩ්යා, සුරේෂ් රය්නා හා යුවරාජ් සිංග් දවාගනිමිනුයි විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වලදී කඩුලු ත්‍රිත්වයක්‌ ලබාගත් ලොව 4 වැනි ක්‍රීඩකයා බවටද තිසරපෙරේරා පත්වුයේ.

අවසන් පන්දුවාර කිහිපයේ පිතිකරුවන් වේගයෙන් ලකුණු ලබාගැනීමට දැරූ උත්සාහයේදී මෙම කඩුලු ලබාගත් නිසා කඩුලු ත්‍රිත්වය ලබාගැනීම ක්‍රීඩකයන් සමරනු දක්නට නොලැබිණි.

තිසර පෙරේරා මෙම කඩුලු ත්‍රිත්වය ලබාගැනීමට යැවු පන්දු 3ම ෆුල්ටොස් පන්දුවූ අතර ඒවා හතරේ සීමාව අසල උඩ පන්දු ලෙස රැක ගැනීමට පන්දු රකින්නන් සමත් විය.

තිසර පෙරේරා මින් පෙර එක්දින තරගයකදීද කඩුලු ත්‍රිත්වයක් ලබා ගෙන තිබේ.