නෙයිමාර්ගේ වත්කම් අත්හිටුවයි

Image copyright Getty
Image caption බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරන 23 හැවිරිදි නෙයිමාර් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි

සුප්‍රසිද්ධ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නෙයිමාර් සතු ඩොලර් මිලියන පනහක වත්කම් අත්හිටවීමට වරෙන්තු නිකුත් කරන බව බ්‍රසීලයේ සාවෝ පවුලෝහි අධිකරණයක් නිවේදනය කළේය.

සුපරි පාපන්දු තරුවට අයත් අධිසුඛෝපභෝගී නාවික යාත්‍රාවක්, ජෙට් යානයක් සහ දේපළ කීපයක් අත්හිටුවනු ලැබූ වත්කම් අතර වේ.

බදු මුදල් ගෙවීම මග හැර ඇති බවටයි නෙයිමාර්ට චෝදනා එල්ල වන්නේ.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගනු ලැබීමට නියමිතයි.

බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරන 23 හැවිරිදි නෙයිමාර් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.