මෙසී - රොනල්ඩෝ විවාදය මරණයකින්

Image copyright Getty
Image caption ''එක් අයෙක් මෙසී ලෝලියෙක්. අනෙකා රනොල්ඩෝ ලෝලියෙක්.''

පාපන්දු ලෝකයේ සුපිරිතම ක්‍රීඩකයා ලයනල් මෙසී ද? ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ද?

නයිජීරියානු ජාතික පාපන්දු ලෝලී මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ඒ විවාදය කෙළවර වුනේ මරණයකින්.

විසි එක් හැවිරිදි මයිකල් චුක්වුමා විසින් තිස් හතර හැවිරිදි ඔබිනා ඩුරුම්චුක්වු ට තියුණු යමකින් පහර දී ඇති බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ.

ඒ පසුගිය සෙනසුරාදා මුම්බායි නුවරට තදාසන්න ප්‍රදේශයක පැවති සාදයකින් අනතුරුවයි.

''ඔවුන් පාපන්දු ක්‍රීඩකයන් ගැන කතාබහ කරමින් ඉඳලා තිබෙනවා. එක් අයෙක් මෙසී ලෝලියෙක්. අනෙකා රනොල්ඩෝ ලෝලියෙක්.'' පොලිස් පරීක්ෂකයෙක් කියා සිටියේය.

''කතාබහ අතරතුර ආරවුලක් ඇති වී තිබෙනවා. මේ චෝදනා ලත් පුද්ගලයාගේ මුහුණට මිය ගිය පුද්ගලයා වීදුරුවකින් දමා ගසා තිබෙනවා. එහිදී වීදුරුව බිඳිලා සුළු තුවාල සිදු වී තිබෙනවා.''

''ඉන් පස්සේ මේ චුදිතයා බිඳුණු වීදුරු කැබැල්ලකින් අනෙකාට පහර දී තිබෙනවා. අධික රුධිර වහනය නිසා ඔහු මිය ගොස් තිබෙනවා.''

විසි අට හැවිරිදි ආජෙන්ටිනියානු ක්‍රීඩක මෙසී ජගත් පාපන්දු සම්මේලනය විසින් ලබා දෙන හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි 'Ballon d'Or' වාර්ෂික සම්මානය පස් වරක් දිනා ගෙන ඇත.

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක රොනල්ඩෝ එම සම්මානයෙන් තෙවරක් පිදුම් ලබා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර