ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

T20: විශ්‍රාම යෑමේ තීරණය 'තරඟාවලියෙන් පසු'

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් දෙපළ, තිලකරත්න ඩිල්ෂාන් සහ රංගන හේරත් බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූහ.

ඉහත කී තරඟාවලියෙන් අනතුරුව ක්‍රිකට් පිටියෙන් සමුගන්නේදැයි යන්න පිළිබඳ අදහස් දැක්වූ රංගන හේරත් ජයග්‍රහණය කරා කණ්ඩායමක් ලෙස ගමන් කිරීම තමා ඇතුළු සියලුම සාමාජිකයන්ගේ අධිෂ්ඨානය වී ඇති බවයි කියා සිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායම යහපත් මානසික මට්ටමක පසු වන බව තිලකරත්න ඩිල්ෂාන් සඳහන් කළේය.