ශ්‍රී ලංකාව පළමු කඩුල්ල ජය ගනී

Image copyright SLC

විස්ස විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර තරඟය කඩුලු හයකින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඉන්දියාවේ කොල්කටා ක්‍රීඩාංගනයේ තරඟය පැවති අතර පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය තමන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 153 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව පන්දුවාර 18 පන්දු පහකදී කඩුලු හතරක් පමණක් දැවී තම ජයග්‍රාහී ඉල්ලකයට ලඟා විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න දිල්ශාන් නොදැවී ලකුණු 83ක් ලබාගත්තේ පන්දු 56 කින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී තිසර පෙරේරා ඇෆ්ඝනිස්තාන් කණ්ඩායමේ කඩුලු තුනක් සහ රංගන හේරත් කඩුලු දෙකක් දවා ගත්හ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව යැවු අවසන් පන්දු වාර දහය තුළ ඇෆ්ඝනිස්ථාන් කණ්ඩායම කඩුලු හතරක් දැවී තිබියදී තවත් ලකුණු 102 එක්රැස් කිරීමට සමත්වීම විශේෂත්වයකි.

බලාපොරොත්තු වූ පරිදි ලසිත් මාලිංග අද තරඟයට ක්‍රීඩා නොකළ අතර ආබාධ තත්වය තවමත් සුව නොවීම තුළ ඔහු ලබන ඉරිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟයටද සහභාගී වීම අවිනිශ්චිත තත්වයකයි පවතින්නේ.