WT20: බංගලාදේශය පරදා නවසීලන්ත පිළ ජය ලබයි

Image copyright Getty
Image caption නායක කේන් විලියම්සන් ලකුණු හතළිස් දෙකක් රැස් කළේය

ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ නවසීලන්තය හා බංගලාදේශය අතර අද (26)පැවති තරඟයෙන් නවසීලන්තය පහසු ජයග්‍රහණයක් වාර්තා කළේය.

පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර විස්ස අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු එකසිය හතළිස් පහක් රැස් කළහ.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක කේන් විලියම්සන් ලකුණු හතළිස් දෙකක් රැස් කළේය.

බංගලාදේශ පන්දු යවන ක්‍රීඩක මුස්තාෆීසුර් රහමාන් කඩුලු පහක් දවාලීමට සමත් විය.

ලකුණු එකසිය හතළිස් හයක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි බංගලාදේශ කණ්ඩායම ලකුණු හැත්තෑවකට සීමා කිරීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

පන්දු ඕවර පහළොවක් අවසානයේ බංගලාදේශ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් දැවී ගිය අතර නවසීලන්ත කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩකයන් වන ඉෂ් සෝඩි සහ ග්‍රාන්ට් එලියට් කඩුලු තුන බැගින් දවා ලීමට සමත් වූහ.

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එකඳු තරඟයක්වත් ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායමට නොහැකි විය.