WT20: ඇෆ්ගනිස්තානය කොදෙව් පිළ පරාජය කරයි

Image copyright Getty
Image caption නජිබුල්ලා ශද්‍රාන් නොදැවී ලකුණු 48 ක් වාර්තා කළේය

ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිළ සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරඟයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තියුණු ජයක් වාර්තා කළේය.

පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ඕවර විස්ස අවසානයේ කඩුලු 07දැවී ලකුණු 123 ක් රැස් කළහ.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් නජිබුල්ලා ශද්‍රාන් නොදැවී ලකුණු 48 ක් වාර්තා කළේය.

Image copyright Getty
Image copyright Getty

බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන ක්‍රීඩක සැමුවෙල් බද්‍රි කඩුලු 03 දවාලීමට සමත් විය.

ලකුණු 124 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි කොදෙව් කණ්ඩායමට කඩුලු 08 ක් අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 117 පමණි.

ඇෆ්ගනිස්තාන පන්දු යවන ක්‍රීඩකයන් වන රෂීඩ් ඛාන් සහ මොහොමඩ් නාබි කඩුලු 02 බැගින් දවාලීමට සමත් වූහ.