WT20: ඉන්දියාව අවසන් පූර්ව වටයට

Image copyright Getty
Image caption අනගි පිති හරඹයක යෙදුනු විරාත් කෝලි රැස් කළ ලකුණු සංඛ්‍යාව 82 ක්

විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟයෙන් ඉන්දීය කණ්ඩායම ජය වාර්තා කළේය.

පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ඕවර විස්ස අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 160 ක් රැස් කළහ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඒරන් ෆින්ච් ලකුණු 43 ක් රැස් කළේය.

ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 02 ක් දවාලීමට සමත් විය.

Image copyright Getty
Image copyright Getty

ලකුණු 161 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර 19 ක් තුළ ජයග්‍රහණය කරා ළඟා වූයේ කඩුලු 06 ඉතිරිව තිබියදී.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අනගි පිති හරඹයක යෙදුනු විරාත් කෝලි රැස් කළ ලකුණු සංඛ්‍යාව 82 ක්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක ෂේන් වොට්සන් කඩුලු දෙකක් දවාලීමට සමත් විය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර