ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කරන කොට හොඳයි පරදින කොට නරකයි - ධම්මික ප්‍රසාද්

විස්සයි විස්ස ලෝක කුසලානයේදී දක්ෂතා අතරට නොපැමිණි ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විවේචනයට ලක් කිරීම සාධාරණ නොවන බව ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පවසයි.

ධම්මික ප්‍රසාද් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විස්සයි විස්ස ලෝක කුසලානයේදී ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාල තුළ පළ වන විවේචන සම්බන්ධයෙන් බීබීසීයේ අසාම් අමීන් සමග අදහස් දක්වමිනුයි.

ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව පොදුවේ සෑම ක්ෂේත්‍රයකටම එවැනි විවේචන එල්ල වන බවයි පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සඳහන් කළේ.

'කරන කොට හොඳයි. නොකරන කොට තමයි ප්‍රශ්නේ තියෙන්න. කරන කොට මම තමයි වීරයා. නොකරන කොට මම කොහොමද ආවේ කියලත් මිනිස්සුන්ට සමහර විට අමතකයි.' ධම්මික ප්‍රසාද් කියා සිටියේය.