WT20: එංගලන්තය අවසන් මහා තරඟයට

Image copyright Getty
Image caption එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අනගි පිති හරඹයක යෙදුනු ජේසන් රෝයි රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 ක්

විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරඟාවලියේ එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති තරඟයෙන් එංගලන්ත කණ්ඩායම ජය වාර්තා කළේය.

පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර විස්ස අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 153 ක් රැස් කළහ.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් කොලින් මුන්රෝ ලකුණු 46 ක් රැස් කළේය.

එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක බෙන් ස්ටොක්ස් කඩුලු 03 ක් දවාලීමට සමත් විය.

ලකුණු 154 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 17 ක් තුළ ජයග්‍රහණය කරා ළඟා වූයේ කඩුලු 07ඉතිරිව තිබියදී.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අනගි පිති හරඹයක යෙදුනු ජේසන් රෝයි රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 ක්.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීය.