හිටපු ජනපති ආරක්ෂාව: 'හමුදා භටයන් ඉවත්කිරීමේ තීන්දුවේ වෙනසක් නෑ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'පරණ තීන්දුවම තමයි තියෙන්නේ, යුද හමුදාවෙන් ආරක්ෂාව ඒ අයට සපයන්න බෑ'
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටින හමුදා භටයන් ඉවත් කිරීමේ කිසිදු වෙනසක් නැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.
ප්‍රභූ ආරක්ෂාව පිණිස හමුදා නිලධාරීන් යෙදවීම නීති විරෝධී බව පසුගියදා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා, එබැවින් හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව පිණිස යොදවා සිටි හමුදා භටයන් 103 දෙනා ඉවත් කරන බව සඳහන් කළේය.
එහෙත් එම ප්‍රකාශයෙන් අනතුරුව හිටපු ජනපතිවරයා වෙනුවෙන් යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් ඉවත් නොකරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළ බවක් ජනමාධ්‍ය වාර්තා කළේය.
කෙසේ නමුත් ආණ්ඩුවේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි, ඕස්ට්‍රේලියාවේ සිට බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ.
"පරණ තීන්දුවම තමයි තියෙන්නේ, යුද හමුදාවෙන් ආරක්ෂාව ඒ අයට සපයන්න බෑ. ඒ අයට සපයන්නේ ජනාධිපති ආරක්ෂක අංශයෙන් සහ පොලිසියේ පොදු ආරක්ෂාවට සපයන ආරක්ෂකයන් පමණයි," ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පැවසීය.