කලාකරුවන්ගේ හඬ IPB සෝමේ ගැඹුරු චරිතයක්-දිද්දෙනිය

Image copyright SriLankaMirror
Image caption නිහඬ චරිතයක් වූ IPB සෝමේ නිහඬ එහෙත් මහා ගැඹුරු අරුතක් සිය ජීවන මගෙහි සනිටුහන් කළ සැබෑ මිනිසකු විය

පුරා දශක පහකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ කලා ලෝකය තුළ හැම කෙනෙකුම මෙන් හඳුනන චරිතයක් පසුගිය දා සදහටම නිහඬ විය.

ඔහු සෝමපාල හේවාකපුගේ.

සෝමපාල හේවාකපුගේ සුවිශේෂී සහෘද චරිත ලක්ෂණ රැසක් මූර්තිමත් කරන දුර්ලභ පුද්ගලයකු වන බව ප්‍රවීණ රංගධර නිශ්ශංක දිද්දෙණිය පවසයි.

සිය රංගන දිවියේ දී සහෘද නාට්‍යලෝලියකු වශයෙන් රඟහලක් අසලදී මුණ ගැසුන සෝමපාල හේවාකපුගේ පසු කාලයේ සමීප මිතුරකු වූ බවයි නිශ්ශංක දිද්දෙණිය පවසන්නේ.

IPB මුද්‍රණාලය කේන්ද්‍ර කර ගනිමින් කලා ලෝකයේ තරු පිරිවරා ගත් සෝමපාල හේවාකපුගේ සිය සහෘදයන් විසින් අමතන ලද්දේ IPB සෝමේ යන ආදරණීය නාමයෙනි.

සැබවින්ම නිහඬ චරිතයක් වූ IPB සෝමේ නිහඬ එහෙත් මහා ගැඹුරු අරුතක් සිය ජීවන මගෙහි සනිටුහන් කළ සැබෑ මිනිසකු විය.

ඔහුගේ දහම වුනේ 'හොඳ දේ වෙනුවෙන්' දායක වීමයි.