මම යන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට - මහින්ද

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'අපි මේ කට්ටිය අරන් වෙනම පැත්තකට වෙන එක තමයි හොඳ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න නායකත්වයට කරන්න පුළුවන් ලොකුම ගෞරවය.'
තමා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
මල්වතු - අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමට සෙනසුරාදා මහනුවරට පැමිණි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වන ලෙස එම කණ්ඩායම නියෝජනය කරන සාමාජිකයන් තමාට ආරාධනා කළ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගී වන ලෙස එම පක්ෂයෙන් තමාට ආරාධනයක් නොලැබුණු බවත් හිටපු ජනපතිවරයා සඳහන් කළේය.
වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින බැවින් තමා සහ ඒකාබද්ධ විපක්ෂය වෙනම මැයි රැළියක් පැවැත්වීමට තීන්දු කළ බවයි ඔහු පවසන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගී වී එහිදී යම් විරෝධයක් මතු වුවහොත් තමාට එහි වගකීම බාර ගත නොහැකි බවත් හිටපු ජනපතිවරයා කියා සිටියේය.
'යම් කිසි විදිහකින් විරෝධයක් පෑවොත්, හූවක් කිව්වොත් ඒකෙ සම්පූර්ණ වගකීම එන්නේ මට. මම කොහොමද ඒක බාර ගන්නේ' ඔහු සඳහන් කළේය.
එවැනි තත්වයන් දෙස අවධානය යොමු කොට වෙනම මැයි රැළියක් පැවැත්වීම වඩා යහපත් බවයි හිටපු ජනපතිවරයා කියා සිටියේ.
'අපි මේ කට්ටිය අරන් වෙනම පැත්තකට වෙන එක තමයි හොඳ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න නායකත්වයට කරන්න පුළුවන් ලොකුම ගෞරවය.' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරත් පැවසීය.

හිටපු ජනපති ආරක්ෂාව: 'හමුදා භටයන් ඉවත්කිරීමේ තීන්දුවේ වෙනසක් නෑ'
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටින හමුදා භටයන් ඉවත් කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.