හිසතෙල් ගෑමේ චාරිත්‍රය ගැන ආදිවාසී නායකයාගේ විග්‍රහය

හිසතෙල් ගෑමේ චාරිත්‍රය ගැන ආදිවාසී නායකයාගේ විග්‍රහය

දඹාන කොටබකිනියයේදී ආදිවාසීහු අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රවල නියැලුණහ.

රෝගපීඩාවලින් ආරක්ෂා කර දී ඉදිරි වසර සඳහා නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රයෙන් බලාපොරොත්තු වන බවයි සෙනසුරාදා පැවති උත්සවයෙන් අනතුරුව ආදිවාසී නායක ඌරු වරිගේ වන්නියලැත්තෝ කියා සිටියේ.

''සොබාදහම එක්ක තමයි මිනිස් ගජ්ජෝ ජීවත් පොජ්ජ මන්දු කරන්නේ. පරිසර පොජ්ජ කොදොයි නම් මින්ස් ගජ්ජෙකුට ජීවත් පොජ්ජ මන්දු වෙන්න අමාරු තැනයි.''

මිනිසාගේ පැවැත්ම සඳහා ස්වභාවධර්මයේ ඇති අවශ්‍යතාව සංකේතවත් කිරීමක් වශයෙන් හිසට නුග කොළ සහ පයට කරඳ කොළ තබා හිස තෙල් ගෑමේ චාරිත්‍ර ඉටු කරන බව ඌරු වරිගේ වන්නියලැත්තෝ සඳහන් කළේය.

අලින්ටත් අවුරුදු

මේ අතර අලි ඇතුන්ගේ හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු උත්සවයක් පින්නවල අලි අනාථාගාරයේ සෙනසුරාදා පැවැත්විණ.

එහිදී අලි ඇතුන් වෙනුවෙන්ම අලුත් අවුරුදු විශේෂ කිරිබතක් සකසා තිබුණු බවයි බීබීසී සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් ජයමාන්න පූර්ණිමාල් කියා සිටියේ.