'ඉන්දියානු බලාගාරයට ඉඩම් දෙන්න අපි කැමති නැහැ' - සම්බන්ධන්

උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් රජයේ අවශ්‍යතාවයන්ට ලබාගැනීමේ දී සෑම රජයක්ම අත්තනෝමතිකව මෙතෙක් කටයුතු කොට ඇති බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසන්නේ
ත්‍රිකුණාමලයේ ඉදි කෙරෙන ඉන්දියානු තාප විදුලි බලාගාරය සදහා ඉඩම් අක්කර 818 ක් ලබාදීමට රජය පියවර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තරයේම විරුද්ධ බව ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.
විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනයේ කෝපායි ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ සාම්පූර් පළාතෙන් මහජනයාට අහිමි වූ ඉඩම් පමණක් නොව රජය විසින් මහජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් සියල්ලම රජය සමග සාකච්ඡා කොට ආපසු ලබාගැනීමට කටයුතු යොදන බවයි.
උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් රජයේ අවශ්‍යතාවයන්ට ලබාගැනීමේ දී සෑම රජයක්ම අත්තනෝමතිකව මෙතෙක් කටයුතු කොට ඇති බව කී සම්බන්ධන් මන්ත්‍රීවරයා මේ හිතුවක්කාර තත්ත්වය නතර කිරීමට වහාම පියවර ගතයුතු කාලය එළඹ ඇතැයිද පැවසීය.
උතුරු පළාත්සභාවේ අමාත්‍යවරුන් මාරු කළ යුතු බවට ඇතමුන් යෝජනා ඉදිරිපත් කොට ඇතත් කිසිදු අමාත්‍යවරයකු වරදක් කොට නොමැති නිසා ඔවුන්ව මාරුකිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවද ඔහු සදහන් කළේය.
යම් අමාත්‍යවරයකු වරදක් කොට ඇත්නම් ඒ පිළිබදව පරීක්ෂණ පවත්වා ඔවුන්ට නිසි දඩුවම් ලබාදීමට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් කිසිවිටකත් පසුබට නොවන බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.