ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වූ තරුණයන් මාලදිවයිනේ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිය සොහොයුරා ඇතුළු සෙසු රැඳවියන් මාලදිවයිනේ සිර ගත කර සිටියේ ඇයි දැයි යන්න තමා නොදන්නා බවයි ගෞරිරාජා කවිතා වැඩිදුරටත් කියා සිටියේ
දෙදහස් පහ වසරේදී අතුරුදහන් වූ උතුරේ තරුණයන් තිදෙනකු මාලදිවයිනේ සිර කඳවුරක සිට නිදහස ලබා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඔවුන්ගේ ඥාතීහු පවසති.
වව්නියාවේ කට්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවකුව සිටි රමේෂ් රාමචන්ද්‍රන් නමැති තිස් තුන් හැවිරිදි තරුණයකු ඒ අතර සිටින බව පැවසේ.
එලෙස මාලදිවයිනේ සිට පැමිණ වැලිකඩ බන්ධනාගාරයේ සිටින තමා බැලීමට එහි පැමිණෙන ලෙස සිය සොහොයුරා දුරකතනයෙන් කතා කොට කියා සිටි බවයි රමේෂ් රාමචන්ද්‍රන්ගේ සොහොයුරිය ගෞරිරාජා කවිතා පවසන්නේ.
සිය සොහොයුරා දෙදහස් පහ වසරේදී අතුරුදහන් වීමෙන් අනතුරුව දෙදහස් නවය වසරේදී එක් වතාවක් පමණක් තමාට දුරකතන ඇමතුමක් ලබා දුන් බවයි ඇය සඳහන් කළේ.
තමා මාලදිවයිනේ සිර කඳවුරක සිටින බව පමණක් ඔහු එහිදී කියා සිටි බවත් ඇය පැවසීය.
කෙසේ වෙතත් ඔහු බැලීමට පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට තමා ගිය බවත් සිය සොහොයුරා නිදහස ලබන දිනයක් පිළිබඳ තොරතුරු නොදන්නා බවත් ගෞරිරාජා කවිතා සඳහන් කළාය.
සිය සොහොයුරා ඇතුළු සෙසු රැඳවියන් මාලදිවයිනේ සිර ගත කර සිටියේ ඇයි දැයි යන්න තමා නොදන්නා බවයි ගෞරිරාජා කවිතා වැඩිදුරටත් කියා සිටියේ.