සිංහල සිනමාවේ දැවැන්තයෙක් සමුගනියි

Nihalsinaha

ඡායාරූප මූලාශ්‍රය, Slfc

ඡායාරූප ශීර්ෂ වැකිය,

නිහාල්සිංහයන්ගේ නිර්මාණයක් වන 'වැලිකතර' චිත්‍රපටය ශ්‍රී ලංකාවේ නිපැදවුන විශිෂ්ටතම චිත්‍රපට දහය අතරට එක් වෙයි.

ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය වෙනුවෙන් විශිෂ්ට මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවකු වූ ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ දිවියෙන් සමු ගත්තේය.

මිය යන විට හැත්තෑ හත් වන වියේ පසු වූ නිහාල්සිංහයන් ඡායාරූප ශිල්පියකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් නමක් තැබූ සම්මානලාභී ජ්‍යෙෂ්ඨ කලාකරුවකු සහ බුද්ධිමතකු ද වෙයි.

නිහාල්සිංහයන්ගේ නිර්මාණයක් වන 'වැලිකතර' චිත්‍රපටය ශ්‍රී ලංකාවේ නිපැදවුන විශිෂ්ටතම චිත්‍රපට දහය අතරට එක් වෙයි.

වැලිකතර ශ්‍රී ලංකා සිංහල සිනමාවේ පළමු පුළුල් තිර දැක්මයි.

පසු කාලයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද 'මල්දෙනියේ සිමියොන්' සිනමා නිර්මාණය ජාත්‍යන්තර මට්ටමින් සම්මානයට ලක් වූ අතර ප්‍රවීණ නිළි අනෝජා වීරසිංහ රජත මයූර සම්මානයෙන් පුද ලද්දේ එම චිත්‍රපටයේ කරන ලද අපූරු රංගනය වෙනුවෙනි.

Welikathara film
ඡායාරූප ශීර්ෂ වැකිය,

වැලි කතර චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සහ සුවිනීතා ඔබේසේකර පෙනීසිටින ජවනිකාවක්

තවත් ජනප්‍රිය චිත්‍රපට කීපයක් ම අධ්‍යක්ෂණය කළ ඩී.බී.නිහාල්සිංහයන් එම චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂ වරයා හැටියටත් සම්මානයට ලක් වෙයි.

ඔහුගේ ජීවිතයේ වැදගත්ම කඩයිමක් වන්නේ වියට්නාම් යුද සමයේ එරටට ගොස් යුද වාර්තා කරණයට හවුල් වීමයි.

විදේශයන්හි ද මාධ්‍ය සහ චිත්‍රපට ක්ෂේත්‍රවල මෙහෙයුම් කටයුතු වල නිරත වූ නිහාල්සිංහයන් කැලණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ බාහිර කථිකාචාර්යවරයකු හැටියට ද කටයුතු කළේය.

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව පිහිටුවනු ලැබීමෙන් අනතුරුව එහි පළමු සාමාන්‍යාධිකාරී වූයේත් ඩී.බී.නිහාල්සිංහයන් ය.