පුළුල් මාධ්‍ය පරිවර්තනයකට නිර්දේශ සියයක්

ඡායාරූප මූලාශ්‍රය, Nalaka Gunawardene
මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු වන විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන
මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පුළුල් පරිවර්තනයක් සිදු කරනු වස් අවශ්‍ය නිර්දේශ සියයක් මැයි මස 03 වනදාට යෙදී ඇති ලෝක මාධ්‍ය නිදහස් දිනයේ දී ශ්‍රී ලංකා රජයට භාර දෙන බව මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලය පවසයි.
පසුගියදා දැඩි කතා බහට ලක් වූ විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරියක් පිහිටුවීම, තොරතුරු දැන ගැනීමේ පනත ගෙන ඒම, පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම ඇතුළු කාරණා රැසක් සම්බන්ධයෙන් ඉතා වැදගත් යෝජනා ඉහත කී නිර්දේශ අතර වන බවයි මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු වන විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන කියා සිටියේ.
අදාළ නිර්දේශ සකසා ඇත්තේ වසරක වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍ය අධ්‍යාපනය හා පුහුණුව, මාධ්‍ය නීති හා නියාමන, මාධ්‍ය බහුවිධත්වය, මාධ්‍ය හිමිකාරීත්වය, තොරතුරු තාක්ෂණය සහ මධ්‍ය භාවිතය යන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ කරන ලද විද්වත් සාකච්ඡා රැසක් පදනම් කර ගනිමිනුයි.
ඉහත කී නිර්දේශ සැකසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය, කැලණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ උපාය මාර්ගික සන්ධානය, අන්තර් ජාතික මාධ්‍ය සහයෝගීතාව සහ මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලය සිය දායකත්වය ලබා දුන් බවයි විද්‍යා ලේඛක සහ තීරු ලිපි රචක නාලක ගුණවර්ධන කියා සිටියේ.
'අගමැතිගේ එකඟත්වය'

ඡායාරූප මූලාශ්‍රය, Ranga Kalansooriya
ආචාර්ය රංග කලංසූරිය
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරනු වස් ඉහත කී ආයතන එක් වී මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලය පිහිටුවා ගෙන තිබේ.
නිර්දේශ සැකසීම සඳහා දායකත්වය ලබා දුන් ආචාර්ය රංග කලංසූරිය පැවසුවේ අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයේ දායකත්වය ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළ කර ඇති බවයි.
'අගමැතිතුමා සමග අප මේ යෝජනා ගැන සාකච්ඡා කළා. එහිදී අගමැතිවරයා එකඟ වී තිබෙනවා මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දීමට' ඔහු කියා සිටියේය.
නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන ගැටළු නිරාකරණය කර ගනිමින් මාධ්‍ය නිදහස වඩාත් සුරක්ෂිත කොට වඩාත් ගුණාත්මක හා සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් තුළින් ජනතාවට සමීප මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් ඇති කිරීමේ හැකියාවක් ලැබෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාරය රංග කලංසූරිය වැඩිදුරටත් පැවසීය.

‘ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදී වෘත්තීයභාවයේ ප්‍රගතියක් නැහැ’
පෞද්ගලික මාධ්‍ය ආයතන ගත් විට ඔවුන් සිය පෞද්ගලික දේශපාලන සහ වාණිජමය උවමනා අනුව කටයුතු කරන ආකාරයේ වෙනසක් තවමත් සිදු වී නොමැති බවයි ආචාර්ය රංග කලංසූරිය කියා සිටින්නේ.