ඇතැම් මාධ්‍ය ආයතන ගැන කනගාටුයි -ජනාධිපති
ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් වූ පසුගිය රජයේ පාලන සමය තුළ හිටපු ජනාධිපතිවරයාගේ පරිහරණය සඳහා අති සුඛෝපභෝගී ගුවන් යානයක් පවා නිමවීමට ඇණවුම් කර තිබුණ අතර ඇතැම් ජනමාධ්‍ය ආයතන එවැනි පාලනයක් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව තමා කනගාටු වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මාධ්‍ය ප්‍රධානීන් මුණ ගැසුණ අවස්ථාවේ දී.
'මම බලයට පත් වීමෙන් පස්සේ පෙබරවාරි සහ මාර්තු මාසවල දී තමයි දැන ගත්තේ කෝටි දෙසිය පනහක් වැය කරමින් ජනාධිපතිවරයාට පමණක් සීමා වූ ගුවන් යානයක් ඇණවුම් කර ඇති බව' මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
'එවැනි පාලකයෙක් වෙනුවෙන් සමහර මාධ්‍ය ආයතන පෙනී සිටින ආකාරය ගැන මට හරිම කනගාටුයි. එවැනි පාලනයක් නැවත මේ රටේ ඇති කිරීමේ උවමනාව අනුව සමහර මාධ්‍ය ආයතන කටයුතු කරන ආකාරය බලා සිටින විට කනගාටු හිතෙනවා' ජනාධිපතිවරයා පවසයි.
ක්‍රමයෙන් උණුසුම් අතට හැරෙමින් පවතින මැයි දින රැස්වීම් සූදානම හමුවේ අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය දැඩි වචන යොදා ගනිමින් දෝෂ දර්ශනයට ලක් කළ අතර පක්ෂ නායක හමු වීම් කැබිනට් මණ්ඩල සාකච්ඡා ආදිය කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක නොවූ අවස්ථා හැටියටයි විග්‍රහ කළේ.
එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ 'තට්ටු තුනක්' වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි මුදුනේ හිටපු පාලකයාත් මැද තට්ටුවේ ඔහුගේ සහෝදරයන් ද ඊ ළඟ තට්ටුවේ ඔහුගේ පුතුන් ද සිටි බවයි සඳහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් නොමැති බව කියා සිටි ජනාධිපතිවරයා 'පවතින වගකීම වන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුව ජාතික බලවේගයක් හැටියට පක්ෂය පෙරට ගෙන යාම' යයි අවධාරණය කළේය.