පඩුක්‌කාඩු දමිළ ගොවීන්ට පොලිස් ආරක්ෂාව

Farmers
ඡායාරූප ශීර්ෂ වැකිය,

තමන්ට රාත්‍රියේත් ආරක්ෂාව අවශ්‍ය බවයි දමිළ ගොවීන් පවසන්නේ

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුත්තුර් හි 'පඩුක්කාඩු'ගම්මානයේ කුඹුරු අයිතිය සම්බන්ධයෙන් ඉඩම් ආරවුලකට මැදි වී සිටින දමිළ ගොවීන්ට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.

එම කුඹුරුවල අයිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නය උද්ගත වුනේ සේරු නුවරින් පැමිණි ගොවීන් කණ්ඩායමක් එහි වගා කිරීම් ආරම්භ කිරීමත් සමඟයි.

ප්‍රදේශයේ දමිළ ගොවීන් එම කුඹුරු ඉඩම්වලට අයිතිවාසිකම් කීමත් සමඟ ප්‍රශ්නය පොලිසිය දක්වා ගමන් ගත් අතර විසඳුමක් ඉදිරිපත් කෙරෙන තෙක් වගා කටයුතු නතර කරන ලෙසයි මුත්තුර් පොලිසිය උපදෙස් දී තිබුණේ.

දැන් එහි වගා කටයුතු කරන දමිළ ගොවීන් සඳහා දිවා කාලයෙහි පොලිස් ආරක්ෂාව සපයා ඇති නමුත් අලි ඇතුන්ගෙන් වගාව රැක ගැනීමට රාත්‍රී කාලයේත් කුඹුරු වල නිරත වෙන හෙයින් තමන්ට රාත්‍රියේත් ආරක්ෂාව අවශ්‍ය බවයි දමිළ ගොවීන් පවසන්නේ.

1956 වසරේ පටන් එම කුඹුරු වගා කළ තමන්ට 2006 මාවිල්ආරු ප්‍රශ්නයත් සමඟ ඒවා අත්හැර දැමීමට සිදු වූ බව පවසන එම ගොවීහු අවශ්‍ය ඔප්පු ඇතුළු සියළු ලියකියවිලි තමන් සතු බවත් කියා සිටිති.