පැනමා ලිපිගොණු: 'ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බැලීමට කමිටුවක්'

පැනමා ලේඛන: 'ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බැලීමට කමිටුවක්'
Image caption පැනමා ලේඛන: 'ශ්‍රී ලාංකිකයන් ගැන සොයා බැලීමට කමිටුවක්'

පැනමා ලේඛන තුළ නම් සඳහන් විය හැකි ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ මණ්ඩලයක් පත් කරන බව ආණ්ඩුව පවසයි.

තම රටවල ආදායම් බදු සීමාවන්වලට හසු නොවී බදුවලින් රිංගා යෑම සඳහා පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ ආයතනයක් සිය සේවාදායකයන්ට පහසුකම් සලසා ඇති බව දැක්වෙන රහසිගත ලිපිගොණු සම්බන්ධයෙන් පසුගියදා ලෝක අවධානය යොමු විය.

එකී ලිපිගොණු සියල්ල මැයි මස 09 වනදා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව එහි නම් සඳහන් විය හැකි සියලුම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉරිදා මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ.

පැනමා ලිපිගොණු සම්බන්ධයෙන් කරුණු හෙළි කළ ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (ICIJ) 2013 වසරේදීද මේ හා සමානම හෙළිදරව්වක් සිදු කළේය.

එහි සඳහන් වූ ශ්‍රී ලාංකිකයන් හතළිස් හය දෙනකු පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට එවකට පැවති ආණ්ඩුව අසමත් වූ බවටත් එහිදී මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවති රජයට චෝදනා කළේය.

සබැඳි විෂයයන්

බීබීසී යෙන්