පාර්ලිමේන්තුවේ 'ගුටි කෙළියක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු සාමාජිකයන් අතර අතර ඇතිවූ වචන හුවමාරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බවයි එහි සිටි මාධ්‍යවේදීන් පවසන්නේ
හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සපයා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් ඇති වීමත් සමග එහි කටයුතු විනාඩි පහකට කල් තබා තිබේ.
පාර්ලිමේන්තුව අද අඟහරුවාදා රැස් වූ අවස්ථාවේ හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා භටයන් ඉවත් කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගෙන් කරුණු විමසා සිටි බවයි පැවසෙන්නේ.
හමුදා භටයන් වෙනුවට හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක භටයන් ලබා දී ඇති බවයි එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වා සිටීමට අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට අවස්ථාව ලබා දීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඊට බාධා කරමින් ඔහුට බැණ වැදී ඇති බවයි එහි සිටි මාධ්‍යවේදීන් කියා සිටියේ.
ඉන් අනතුරුව ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු සාමාජිකයන් අතර ඇතිවූ වචන හුවමාරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බවයි එහි සිටි මාධ්‍යවේදීන් පවසන්නේ.
ගුටිබැට හුවමාරුව හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දීත් සමරසිංහ රෝහල් ගත කොට ඇති බවයි වාර්තා වන්නේ.
කථානායක කරු ජයසූරිය විසින් පාර්ලිමේන්තුව මද වෙලාවකට කල් තබා තිබේ.