'තාජුදින් ඝාතන සැලැස්ම පොලිස් පරීක්‍ෂක කලින් දැන සිටියාද?'

රහස් පොලිසිය අධිකරණය ඉදිරියේ කියා සිටියේ මෙම සැකකරු පොලිසියට ලබා දුන් කට උත්තරවල පරස්පරතා රැසක් පවතින බවයි
අත් අඩංගුවේ පසු වන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව රහස් පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ ඝාතනය පිළිබඳව පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා කලින් ම දැනුවත්ව සිටියේදැයි මතු වී ඇති සැකය හේතුවෙන් ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බවයි රහස් පොලිසිය පවසන්නේ.
මොහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබුණේ තාජුදීන් ඝාතනයට අදාළ පරීක්ෂණ යටපත් කළ බවට සැකපිට යි.
පරස්පරතා
රහස් පොලිසිය අධිකරණය ඉදිරියේ කියා සිටියේ මෙම සැකකරු පොලිසියට ලබා දුන් කට උත්තරවල පරස්පරතා රැසක් පවතින බවයි.
තාජුදින් මිය ගියේ මාරක රිය අනතුරකින් නම් එය පරික්ෂා කළ යුත්තේ රථවාහන අංශයෙන් බව කී රහස් පොලිසිය එම විමර්ශන අපරාධ අංශය මගින් සිදු කිරීම සැක සහිත බවයි ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් අදාළ අපරාධය සමග එම සැකකරුගේ සම්බන්ධයක් තිබුණේදැයි සැක මතුවී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද පොලිසිය ප්‍රකාශ කළේය.
එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ සැකකාර පොලිස් පරීක්ෂක වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී අජිත් පතිරණ, තාජුදින්ගේ මරණයට අදාළ පරීක්ෂණ සැකකාර පොලිස් පරීක්ෂක විසින් රටේ පවතින නීතියට අනුකූලව සිදු කළ බව කියා සිටියේය.
ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම විමර්ශන සැකකරුගෙන් ඉවත් කොට වෙනත් කණ්ඩායමකට පැවරීම නිසා ඔහු ඉන් ඉවත් වූ බවයි නීතිවේදියා ප්‍රකාශ කළේ.
ඉදිරිපත් වු කරුනු සලකා බැලු අධිකරණය සැකකරු ලබන 12 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට දන්වා සිටියේ පරීක්ෂණ පැවැත්වීමේදී පැමිණිල්ලේ පමණක් නොව විත්ති පාර්ශවය ඉදිරිපත් කරන තොරතුරු කෙරෙහි ද අවධානය යොමු කර විමර්ශන සිදු කරන ලෙසයි.