ලන්ඩනයේ බලවත් වුවත් ලේබර් පක්ෂයේ බලකොටු බිඳ වැටෙයි

ලංඩන් පුරපති අපේක්ෂාව - සදික් ඛාන්
ඡායාරූප ශීර්ෂ වැකිය,

ලංඩන් පුරපති අපේක්ෂාව - සදික් ඛාන්

ලන්ඩන් නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ (06) පැවැත්වුන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සිකුරාදා සවස් භාගයේත් සිදු කෙරෙමින් පවතින අතර එම සටනින් ලේබර් පක්ෂයේ අපේක්ෂක සාදික් ඛාන් ඉදිරියෙන් සිටින බව මහජන මත විමසුම් වලින් පෙන්නුම් කෙරෙයි.

විපක්ෂයේ ලේබර් පක්ෂයේ අපේක්ෂක සදික් ඛාන් ලන්ඩන් නගරාධිපති පදවියට පත් වුනොත් ඔහු එම පදවියට පත් පළමු මුස්ලිම් පුරවැසියා හැටියට ඉතිහාසයට එක් වනු ඇත.

ඊට සමගාමීව බ්‍රිතාන්‍යයේ පැවැත්වුන පළාත් පාලන සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තු ඡන්ද විමසීම් වලදී ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂය මෙවර විශාල පසුබෑමකට ලක්ව සිටියි.

ජෙරමි කෝබින් පසුගිය වසරේ පක්ෂ නායකත්වය භාර ගනු ලැබීමෙන් පසු මහජන මතය උරගා බැලුණ පළමු ඡන්ද විමසීම මෙයයි.

බ්‍රහස්පතින්දා (05) පැවැත්වුන මැතිවරණයේ දී කලක් ස්කොට්ලන්තයේ බලය හිමි කර ගෙන සිටි ලේබර් පක්ෂය මෙවර තුන්වැනි තැනට වැටී ඇත.

වේල්සයේ ද ලේබර් පාක්ෂිකයන්ගේ බලය පිරිහුණ තත්වයකුයි පවතින්නේ.

මෙවර මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ ලේබර් පක්ෂය 'මහජන පදනම සහමුලින්ම නැති කර ගෙන' ඇති බවයි.