ලන්ඩනයට මුස්ලිම් නගරාධිපතිවරයෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සදික් ඛාන් සිය පවුලේ සාමාජිකයන් සහ ආධාරකරුවන් සමග
බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ අපේක්ෂක සදික් ඛාන් ලන්ඩන් නගරාධිපති ධුරය සඳහා තේරී පත් විය.
පාකිස්තානයේ සිට බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණය වූ බස් රියැදුරකුගේ පුතකු වන ඔහු යුරෝපා සංගමයට අයත් අගනුවරක නගරාධිපති ධුරයට පත් පළමු මුස්ලිම් පුරවැසියා ලෙස ඉතිහාසයට එක් වේ.
සදික් ඛාන් කලින් බලයේ සිටි ලේබර් පක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයකු වශයෙන්ද කටයුතු කොට තිබේ.
නගරාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ කොන්සර්වේටිව් පක්ෂ අපේක්ෂක කෝටිපතියකු වන සැක් ගෝල්ඩ්ස්මිත්.
ලේබර් පක්ෂ අපේක්ෂකයකු ලන්ඩන් නගරාධිපති ධුරය සඳහා තේරී පත් වූයේ වසර අටකට පසුවයි.
මහජනතාව විසින් භීතියේ දේශපාලනය බැහැර කරනු ලැබීමක් ලෙස සදික් ඛාන් සිය ජයග්‍රහණය විග්‍රහ කරයි.
නගරාධිපති ප්‍රචාරණ ව්‍යාපාරය තුළ 'පාලක කොන්සර්වේටිව් පක්ෂය තමා ඉස්ලාමීය අන්තවාදීන් සමග සබඳතා පවත්වන්නකු වශයෙන් මවා පෑමට ගත් උත්සාහයයි' සදික් ඛාන් සිය විග්‍රහය මගින් අදහස් කරන ලද්දේ.
ලන්ඩන් ජනතාවට සියලුම අවස්ථාලාභයන් උදා කිරීමට පියවර ගන්නා බවට සිය ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දක්වමින් සදික් ඛාන් ප්‍රතිඥා දුන්නේය.
සදික් ඛාන් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් වශයෙන්ද ප්‍රසිද්ධියක් උසුලයි.

ලන්ඩනයේ බලවත් වුවත් ලේබර් පක්ෂයේ බලකොටු බිඳ වැටෙයි
මෙවර මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ ලේබර් පක්ෂය ‘මහජන පදනම සහමුලින්ම නැති කර ගෙන’ ඇති බවයි