ගෝඨාභය බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ Image copyright Getty Images
Image caption හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රජයට අයත් හෙලිකොප්ටර් යානා අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා නීතියට අනුගතව කටයුතු කරමින් සිටින බවයි ආණ්ඩුව පවසන්නේ.

ඒ සඳහා යම් කිසි කාලයක් ගත වනු ඇති බවත් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කියා සිටිති.

පැවති පාලන සමයේ දූෂණ සහ වංචා සිදු වී ඇති බව පවසමින් තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කරනු ලැබීම හුදෙක් දේශපාලන පිළිගැනීමක් ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හඳුන්වයි.

බීබීසී යෙන්