අපටත් දැනෙනවා දරු දුක ඇතින්නියේ

පැටවා බේරා ගැනීමට වෙර දරන ඇතින්න
ඡායාරූප ශීර්ෂ වැකිය,

පැටවා බේරා ගැනීමට වෙර දරන ඇතින්න

කිලිනොච්චිය ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ළිඳකට වැටීමෙන් මාස තුනක පමණ වයස ඇති අලි පැටවෙකු මිය යාම බොහෝ දෙනෙකුගේ කම්පාවට හේතු වී තිබේ.

මෙම ළිඳ පිහිටියේ යුධ සමයේ දී මිනිසුන් අත්හැර ගිය ගම්මානයක යි.

කිලිනොච්චිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ පැටවා වැටුණු පසු අතින්නියද ළිදට වැටි ඇති බවයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

දින දෙකක් පමණ ළිඳ පතුලේ

පැටියා ගොඩ ගන්නට උත්සාහ කරද්දී අතින්නියද වැටෙන්නට ඇති බව වනජීවී නිලධාරීහු විශ්වාස කරති.

වනජීවී නිලධාරීන් එම ස්ථානයට ළඟා වන විටත් අලි පැටවා මියගොස් සිටි අතර දින දෙකක් පමණ එසේ වැටී සිට ඇති බව අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ පශු වෛද්‍ය බි. ගිරිදරන් පැවසිය.

අනතුරුව වනජීවී නිලධාරීන් ඇතින්නිය බේරා ගෙන කැළයට එලවා ඇති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි වාර්තා කරන්නේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගොඩ ගත් අලි පැටවාගේ දේහය

එහි සිටි වනජීවී නිලධාරියෙකු පැවසුවේ ඇතින්නිය පිටව යාමට පෙර අලිපැටවා මඩේ සැඟවීමට උත්සහ කල බවයි.

එමෙන්ම මිට සතියකට පමණ ඉහත දී කිලිනොච්චිය මඩු ප්‍රදේශයේ දී හක්කපටස් කෑම නිසා වයස අවුරුදු 07 ක පමණ අලි පැටවෙකු මියගොස් තිබුණි.