අවම වැටුපටත් අඩු වැටුපක් ලබන වතු කම්කරුවන් උද්ඝෝෂණයක

අයවැයෙන් වැඩි කළ රුපියල් 2500ක වැටුප් වැඩි කිරීම මේ දක්වා තමන්ට ලැබී නොමැති බවයි කම්කරුවන් පවසන්නේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,

අයවැයෙන් වැඩි කළ රුපියල් 2500ක වැටුප් වැඩි කිරීම මේ දක්වා තමන්ට ලැබී නොමැති බවයි කම්කරුවන් පවසන්නේ.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් හලාවත වැවිලි සමාගමට අයත් වතු විසි එකක කම්කරුවන් අද (බ්‍රහස්පතින්දා) උද්ඝෝෂණයක නිරත විය.

ඔවුන් එම විරෝධතාව පැවැත්වූයේ හලාවත පුත්තලම පාරේ පිහිටි හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිටයි.

කම්කරුවන් ප්‍රධාන කාර්යාලයේ සියලු දොරටු අවහිර කිරීම හේතුවෙන් අද දිනයේ සේවයට පැමිණි සේවකයන්ට ආපසු හැරී යාමට සිදු වුයේ කම්කරුවන්ගේ හු හඩ මධ්‍යයේයි.

ශ්‍රී ලංකාවේ අඩුම එක්දින වැටුප් ලබන්නන් තමන් වන බවයි උද්ඝෝෂණයේ යෙදී සිටි කම්කරුවන් අප බීබීසි වාර්තාකරු ප්‍රසාද් පුර්ණමල් ජයමාන්න සමග පවසා තිබෙන්නේ.

රුපියල් 460ක් වැනි සුළු මුදලකින් තමනට කළ හැක්කේ එක වේලක් බඩ පුරවා ගැනීම පමණක් බව පවසන සේවකයන් වැඩි දුරටත් කියා සිටියේ රජය අයවැයෙන් වැඩි කළ රුපියල් 2500ක වැටුප් වැඩි කිරීම මේ දක්වා තමන්ට ලැබී නොමැති බවයි.

කම්කරුවන් ප්‍රධාන කාර්යාලයේ සියලු දොරටු අවහිර කිරීම හේතුවෙන් අද දිනයේ සේවයට පැමිණි සේවකයන්ට ආපසු හැරී යාමට සිදු විය.
ඡායාරූප ශීර්ෂ වැකිය,

කම්කරුවන් ප්‍රධාන කාර්යාලයේ සියලු දොරටු අවහිර කිරීම හේතුවෙන් අද දිනයේ සේවයට පැමිණි සේවකයන්ට ආපසු හැරී යාමට සිදු විය.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් හලාවත වැවිලි සමාගම ලාභ ලබන ආයතනයක් බවයි කම්කරුවන් පෙන්වා දෙන්නේ.

හලාවත වැවිලි සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී අජිත් සිල්වා ප්‍රකාශ කළේ කම්කරු උද්ඝෝෂණය පිළිබඳ තමන් මීට පෙර දැනුවත් වී නොසිටි අතර අයවැයෙන් සිදු කළ වැටුප් වැඩි කිරීම පිළිබඳ තම ආයතනය දැනුවත් කර නොමැති බවයි.

කම්කරුවන් දියත් කළ අරගලය හලාවත කම්කරු කාර්යාලයේ මැදිහත් වීම මත අවසන් විය.

පැය පහක් පුර පැවති මේ විරෝධතාව අවසන් වූයේ හලවත සහකාර කම්කරු කොමසාරිස් ශ්‍රියානි චන්ද්‍රිකා විසින් කම්කරුවන් සහ පාලනාධිකාරියත් සමග කළ සාකච්චාවේ දී ලබන මස සිට වැටුප් වැඩි කිරීමට පාලනාධිකාරිය එකග වීමෙන් අනතුරුවයි.