මගේ අරමුණ කණ්ඩායමට යළි එක් වීමයි - කුසල් පෙරේරා
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (බදාදා) රාත්‍රියේ කුසල් පෙරේරාට එරෙහිව තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ල වූ චෝදනා ඉවත් කිරීමට කටයුතු කළ අතර ඒ අනුව ඔහුට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට අවසර හිමි වන බව ප්‍රකාශ කළේය.
තමන්ට සාධාරණය ඉෂ්ට වීම ගැන ඉතා සතුටට පත්වන බවයි කුසල් පෙරේරා බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ.
තහනම් උත්තේජක චෝදනාවට වරද පිළිගෙන දඬුවම ලිහිල් කර ගත හැකි බවට තමන්ට ඇතමුන් යෝජනා කළත් කිසිම වරදක් කර නොතිබූ නිසා තමන් එම යෝජනා ප්‍රතික්සේහප කළ බවයි කුසල් පෙරේරා මෙහිදී පැවසුවේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් මෙම චෝදනාව ගැන දැක්වූ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේ කුසල් පෙරේරා පැවසුවේ එම කාලයේදී බොහෝ දෙනාගෙන් තමන් ඈත්ව සිටි බවයි.
මාස හයක ක්‍රිකට් තහනම නිසා සිදුවූ ආර්ථික පාඩුව සහ කීර්ති නාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි විමසු විට කුසල් පෙරේරා පැවසුවේ තමන්ගේ එකම අරමුණ ඉක්මනින්ම කණ්ඩායමට එක්වීම පමණක් බවයි.