ජනපති මෛත්‍රී ඉන්දියාවේ සංචාරයක

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දිල්ලි නුවර ගුවන් තොටුපොලේදී Image copyright MEA India
Image caption සාංචි විහාරය වැඳ පුදා ගැනීම සහ අනගාරික ධර්මපාල තුමාගේ ප්‍රතිමාවක් විවෘත කිරීමත් සංචාර කාලසටහනට ඇතුලත්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ආරාධනය පරිදි ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නවදිල්ලි නුවරට ලඟා වී සිටී.

ලන්ඩන් නුවර පැවති දූෂණ විරෝධී ජාත්‍යන්තර සමුළුව ඇමතීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා රාත්‍රියේම ලන්ඩනයෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා, සිකුරාදා සවස් යාමයේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළ වෙත ලඟා විය.

සිය දෙදින සංචාරය අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වන ජනාධිපතිවරයා, සෙනසුරාදා කුම්භ මේලා සැණකෙළියටද සහභාගි වීමට නියමිතයි.

Image copyright MEA India
Image caption ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිල්ලි ගුවන් තොටුපොලේදී

සාංචි විහාරය වැඳ පුදා ගැනීමත් සංචාරයේ කාලසටහනට ඇතුලත් අතර, මහාබෝධි සංගමය සංවිධානය කරන උත්සවයකදී ජනාධිපතිවරයා විසින් අනගාරික ධර්මපාල තුමාගේ ප්‍රතිමාවක් විවෘත කිරීමට නියමිත බවත් ඉන්දීය බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

විපක්ෂනායක ආර් සම්බන්ධන් ද ශ්‍රී ලංකාවේ සිට පැමිණ ජනාධිපතිවරයාගේ සංචාරයට එක්වීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්