ජනපති මෛත්‍රී කුම්භමේලා සැණකෙළියේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති මෛත්‍රී කුම්භමේලා සැණකෙළියේ

ඉන්දු ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා දිගටම වර්ධනය වනු ඇති බව ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ කුම්භමේලා උත්සවය වෙනුවෙන් මධ්‍යම ඉන්දියාවේ උදේනි නුවර පැවති සමුළුවකට සහභාගී වෙමිනි.

එම අවස්ථාව සඳහා එක් වූ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සම්ප්‍රදායික සාරධර්ම හා කුම්භමේලා උත්සවයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වන්නේ ලන්ඩන් නුවර පැවති දූෂණ විරෝධී ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවයි.