තබ්බෝව ගම්මානයේ 200ක් ගංවතුරට කොටු වෙයි

Image copyright SLAF MEDIA

තබ්බෝව ජලාශය පිටාර ගැලීම හේතුවෙන් තබ්බෝව අංක එක ගම්මානයේ පුද්ගලයන් දෙසීයකට ආසන්න පිරිසක් ජලයෙන් කොටුව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද පවසයි.

අද පෙරවරුවේ සිට ගංවතුරෙන් කොටුව සිටින ජනතාව මුදා ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මෙහෙයුමක් සිදු කරන ලදී.

Image copyright SLAF MEDIA

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම් ඉතා අසීරු වූ බවයි පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

අද පස්වරු 04 වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා නාවික හමුදාව එක්ව පුද්ගලයන් 18 දෙනෙකු බේරා ගත් බවද දිස්තික් ලේකම් වරයා පැවසීය.

ගුවන් හමුදා මාධ්‍ය ඒකකය කියා සිටියේ MI 15 වර්ගයේ හෙලිකොප්ටරයක් මෙහෙයුම් සඳහා යොදා ගත් අතර පලාවි ගුවන් හමුදා කඳවුරේ සිට එම යානය ගලවා ගැනීමේ විශේෂ හමුදා කණ්ඩායමක් සමග තබ්බෝව ප්‍රදේශයට අද පස්වරු 1.00ට පිටත් කර යැවූ බවයි.

Image copyright SLAF MEDIA