අරණායක: අතුරුදහන් වූවන් සෙවීමට මූලිකත්වය - ජනපති

'මූලික වශයෙන් තිබෙන්නේ අනතුරට පත් ජනතාව සෙවීම සහ සෙසු ජනතාවගේ ආහාර පාන සහ සෞඛ්‍ය තත්වය පිළිබඳ කටයුතු කිරීම'
අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම්වලට මූලිකත්වය ලබා දෙමින් සහන මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බව අරණායක නාය යාමට ලක් වූ ප්‍රදේශයේ සංචාරය කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ඒ අතරම අවතැන් වූ සෙසු ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් හැකි උපරිමය සිදු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
'මූලික වශයෙන් තිබෙන්නේ අනතුරට පත් ජනතාව සෙවීම සහ සෙසු ජනතාවගේ ආහාර පාන සහ සෞඛ්‍ය තත්වය පිළිබඳ කටයුතු කිරීම' ජනපතිවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.
අවතැන් වූ පිරිස්වලට සහන සැලසීම සඳහා අඟහරුවාදා රාත්‍රියේ සිට යුද හමුදාව, පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් වෙහෙස මහන්සි වී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
නාය යෑමට හසු වූ පුද්ගලයන්ගේ මළ සිරුරු දහතුනක් මේ වන විට සොයා ගෙන ඇති බව හමුදාව පවසයි.