අරණායකින් මළ සිරුරු 14 ක්, '134 ක් ගැන තොරතුරක් නැහැ'

අරණායකින් මළ සිරුරු 13ක්, '75 ක් ගැන තොරතුරක් නැහැ'
Image caption 'දැනට මිය ගිය අයගේ සිරුරු දහතුනක් සොයා ගෙන තිබෙනවා. ඊට අමතරව අපට වාර්තා වෙලා තිබෙනවා තව හැත්තෑ පස් දෙනකුගේ තොරතුරු තවමත් සොයා ගැනීමට නැහැ කියලා'

අරණායක නාය යෑමට ගොදුරු වූ ප්‍රදේශයේ සිටි බවට විශ්වාස කෙරෙන එකසිය තිස් හතර දෙනකු පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බව තමන්ට වාර්තා වී ඇතැයි එම ස්ථානයේ සිටින බස්නාහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසයි.

මේ වන විට නාය යාමට හසු වූ පුද්ගලයන්ගෙන් දාහතර දෙනකුගේ මළසිරුරු සොයා ගෙන ඇති බවද බේරාගැනීමේ මෙහෙයුම් භාරව සිටින මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ බීබීසී සංදේශයට පැවසීය.

ආරක්‍ෂිත ස්ථානවල කඳවුරු හතරක් ස්ථාපිත කොට ඇති බවත් එම කඳවුරු තුළ එක්දහස් එකසිය හතළිස් දෙනකුට අධික පිරිසක් රැඳී සිටින බවත් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර