සේයාරූ: අරනායක අවතැන්වූවෝ
පිහිටුවා ඇති රැඳවුම් ස්ථාන හයේ මේ වන විට එක්දහස් පන්සීය පනස් හතරක් පමණ වන ජනතාව රඳවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය අහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා සැපයීමට රජය කටයුතු කරමින් සිටියි.

අරනායක සහන මධ්‍යස්ථාන පිළිබඳ තත්වය සංදේශයට වාර්තා කළේ අප වාර්තා කරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න.
පිහිටුවා ඇති රැඳවුම් ස්ථාන හයේ මේ වන විට එක්දහස් පන්සීය පනස් හතරක් පමණ වන ජනතාව රඳවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය අහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා සැපයීමට රජය කටයුතු කරමින් සිටියි.
බුලත්කොහුපිටිය නාය යාම් වලින් මියගිය පුද්ගලයන් අට දෙනෙකුගේ මල සිරුරු ඇද දිනයේ දී සොයා ගැනීමට හැකි වී තිබෙන අතර ඒ අනුව ඊයේ සිට මේ දක්වා සොයා ගත් සම්පුර්ණ මල සිරුරු ගණන දහ තුනක් ලෙසයි වාර්තා වන්නේ.
තවමත් බට පිරිස් පනස් තුනක් බුලත්කොහුපිටිය මල සිරුරු සෙවීමේ සහ සහන කටයුතු වල නිරත වෙමින් සිටියි.
කොළඹ ප්‍රදේශයේ අද උදෑසන වන විට නාවික හමුදාව විසින් හයදහස් තුන්සීයක පමණ අවතැන් වූ පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කොට තිබෙන අතර තවත් විසි දහසක පමණ පිරිසක් මහා ජනතාවගේ සහයෝගයෙන් සහන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.
මේ වන විට අරනායකට සහ බුලත්කොහු පිටියට විශාල ජනකායක් රැස්වෙමින් සිටින බව කියා සිටි හමුදා ප්‍රකාශක ජයනාත් ජයවීර මහා ජනතාවගෙන් ඉල්ලා සිටියේ අනාරක්ෂිත කලාප වලට මේ අයුරින් රැස් වීමෙන් වලකින ලෙසයි.
තවමත් කඩින් කඩ වැසි ඇදහැලෙමින් පවතින බව කියා සිටි හමුදා ප්‍රකාශක ජයනාත් ජයවීර පැවසුවේ සුළු සුළු නාය යාම් සිදු වෙමින් පවතින බැවින් මෙම ස්ථාන වලින් ඉවත් වී ආරක්‍ෂිත ස්ථාන වල මහ ජනතාව රැඳිය යුතු බවයි.
නාය යාම් වලට ලක් වූ ප්‍රදේශ වල පස් තට්ටුවට යටවූ කලාප වලින් ජීවතුන් අතර සිටින කිසිවෙකු මඩ තට්ටුව යට තවමත් සිර වී ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ.
අරනායක එලඟුපිටිය ප්‍රදේශයේ නාය යාම් සිදු වී ඇති ස්ථානහි මෙහෙයුම් සඳහා යුද හමුදා නිලධාරීන් දහ අට දෙනෙකු සහ සෙසු නිලයන් දෙසිය හට හය දෙනෙකු සේවයේ යොදවා ඇති අතර ඔවුන් ඇදහැලෙමින් පවතින වර්ෂාව නොතකා මල සිරුරු සෙවීමේ සහ ජනතාවට සහන සැපයීමේ කටයුතු වල යෙදී සිටින බවයි හමුදා ප්‍රකාශකයා කියා සිටියේ.
පවතින අධික වර්ෂාව මධ්‍යයේ අරණායක නායයාමෙන් මියගියවුන්ගේ මළ සිරුරු සෙවීමේ කටයුතු යුධ හමුදාව විසින් සිදුකෙරෙමින් පවතී.
තවමත් යුද හමුදාව විසින් සහන මධ්‍යස්ථාන වලට පැමිණි ජනතාවගෙන් ඔවුන්ගේ අතුරුදහන් වූ ඥාතීන් පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටියි.