ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් බේරීමේ අභියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 12 කට කඩුලු තුනක් දැවී අසීරු අඩියක පසු විය
එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ ආරම්භක අදියරේදී ප්‍රතිවාදීන් විශ්මය පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටියි.
එක් අවස්තාවක ලකුණු 12 කට කඩුලු තුනක් දැවී ඉතාමත් අසීරු තත්වයක පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 91 කට දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ.
ඊට පෙරාතුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 298 ක් රැස් කරගත්තේය.
ලකුණු 91 කට සියලු දෙනා දැවී යාමත් සමඟ යලිත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසානයේ කඩුලු නොදැවී එක් ලකුණක් ලබා සිටියේය.
සිය මංගල ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදීම දසුන් ශානක ලකුණු 46 කට කඩුලු තුනක් දවා ගැනීමට සමත්වීම තරඟයේ පළමු දිනයේදී කැපී පෙනුන සිදුවීමක්.