මේ මොහොතේ ජාත්‍යන්තර මෙහෙයුම් අනවශ්‍යයි - මුදල් ඇමති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මේ මොහොතේ ජාත්‍යන්තර මෙහෙයුම් අනවශ්‍යයි - මුදල් ඇමති

ගංවතුර සහ නාය යෑම් හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදු වී ඇති දුෂ්කර තත්වයෙන් ගොඩ ඒම සඳහා මේ මොහොතේ ජාත්‍යන්තර මෙහෙයුමක් අවශ්‍ය නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

මේ වන විට පවතින තත්වය කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට හැකියාව ඇති බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ වැල්ලම්පිටිය සහ ඒ අවට විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට එහි ගිය අවස්ථාවේදී.

කෙසේ වෙතත් මේ මොහොතේ ජාත්‍යන්තරයෙන් ලැබෙන මූල්‍යාධාර පවතින තත්වයෙන් ගොඩ ඒම සඳහා ආධාර වනු ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළේය.

ගංවතුරට කොටු වී සිටි පිරිස් අතුරින් බහුතරයක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති නමුත් සුළු පිරිසක් එම ප්‍රදේශ තුළමරැඳී සිටින බවයි මුදල් අමාත්‍යවරයා සමග එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් කියා සිටියේ.

එසේ පිටතට නොපැමිණ එහි රැඳී සිටින පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් ඔහු සඳහන් කළේය.

'වතුර බැහැල ගියාට පස්සේ මේ ජනතාවගේ ජීවිතය ගොඩ නගන්න විශාල වැඩපිළිවලක් දියත් කරන්න තිබෙනවා. මෙම හිතනවා ඒ වගකීම රජය භාර ගත යුතුයි කියලා' පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්