ගංවතුර සහ නාය යෑම්: මරණ සංඛ්‍යාව 'අසූ දෙක දක්වා ඉහළට'

ගංවතුර සහ නාය යෑම්: මරණ සංඛ්‍යාව 'අසූ දෙක දක්වා ඉහළට'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් තවමත් ගංවතුරෙන් යට වී පවතින බවයි වාර්තාකරුවන් කියා සිටියේ

අරණායක නාය යාමට ලක් වූ ප්‍රදේශයෙන් තවත් මළ සිරුරු කීපයක් සොයා ගැනීමත් සමග ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව අසූ දෙක දක්වා ඉහළ යයි.

තවමත් පුද්ගලයන් එකසිය දහඅට දෙනකු අතුරුදහන් වී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

අරණායක නාය යාමට හසු වූ පුද්ගලයන්ගෙන් තිස් දෙනකුගේ මළ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර තවත් එකසිය දාහතර දෙනකු අතුරුදහන් වී සිටින බවයි නිල වාර්තා පවසන්නේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් තවමත් ගංවතුරෙන් යට වී පවතින බවයි වාර්තාකරුවන් කියා සිටියේ.

ගංවතුරෙන් අවතැන් වූ ජනතාව රැඳවුම් මධ්‍යස්ථාන තුන්සිය අනූ නවයක රඳවා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ගංවතුර අවදානම තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බැවින් අවතැන් වූ ජනතාව තවදුරටත් කඳවුරු වල රඳවා ගැනීමට කටයුතු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.